We are committed to providing you with top quality support and work hard to ensure you get the best. Our support team is available on email, phone and chat.
Rooted in the rich traditions of Sri Lanka, Thanamalwila Weda Gedara stands as a trusted name in authentic Ayurveda. With a legacy that spans generations, we specialize in natural Ayurvedic remedies, preserving ancient healing wisdom for modern wellness needs.
Post Tags:
Share:
සාර්ථක විවාහ ජීවිතයක් ලබාගන්න එක සෑම බිරිඳකගෙම ප්රාර්ථනාවක්.ඒත් ඒක කරන්න පුළුවන් වෙන්නේ සහයෝගය දක්වන සැමියෙක්ට විතරයි.විවාහය සාර්ථක වෙන්න නම් බිරිඳ වගේම සැමියාගෙනුත් වෙන්න අවශ්යය වගකීම් තියෙනවා.ඒ වගකීම් ඉෂ්ට කරන්න නම් සැමියා ගොඩනඟා ගන්න අවශ්යය කුසලතාවයන් තියෙනවා.ඒ වෙනුවෙන් අත්යාවශ්යයම වෙන කුසලතාවයන් 5 ක් සැමියා ලෙස ඔයා ගොඩනඟා ගන්න මොනවාද කරන්න අවශ්යය කියලා මම කියලා දෙන්නම්.
1. Emotional Responsiveness – Listen Like You Actually Care
බොහෝ ස්වාමිපුරුෂයන්ට මඟ හැරෙන දෙයක් තමන්ගේ බිරිඳට සවන් දෙන එක ඔයා පුළුවන් ඇය කතා කරන දේවල්වලට උවමනාවෙන් ඇහුම්කන් දෙන්න.එතකොට ඔයා කතා කරනවාට වඩා ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන්.බොහෝ බිරින්ඳෑවරු තමන්ගේ සැමියා තමන්ව අහගෙන ඉන්නේ නැති නිසා වේදනාවෙන් පීඩා විඳිනවා.
මනෝවිද්යාත්මක සිද්ධාන්ත ඇසුරෙන් :
ආචාර්ය සූ ජොන්සන්ගේ චිත්තවේගීය වශයෙන් කේන්ද්රගත චිකිත්සාව (EFT) ට අනුව, චිත්තවේගීය ප්රතිචාර දැක්වීම ආරක්ෂිත ආදර බැඳීම සහ සබඳතා තෘප්තිය පිළිබඳ ප්රධාන පුරෝකථනයක්.
Dr. Sue Johnson – Emotionally Focused Therapy
https://iceeft.com/what-is-eft/
හොඳම උපාය මාර්ග:
ඔයාගේ සහකාරිය කතා කරන කොට, පිළිතුරු දෙනවාට වඩා සවන් දෙන්න.එහෙම කරන කොට ඔයාට ඇයව තේරුම් ගන්න පුළුවන්.
ඔයාට ඇය කියන දේවල් ඒවා තේරුණේ නැතිවුණත් ඇයගේ හැඟීම් අගය කරන්න: “ඒක අමාරුයි වගේ නේද?. මම ඔයා වෙනුවෙන් ඕන වෙලාවක ඉන්නවා.”
ප්රශ්න විසඳන්න යන්න එපා. ඒ වෙනුවෙන් පෙනී ඉන්න.
Pro Tip: Snack Time එකේදි මොළේ කල්පනා කරළා ඔළුව වනන එකත් සහයෝගයක් ලෙස සැලකෙනවා.
2.Being Consistently Reliable – Be Her Peace, Not Her Project
සහයෝගය දක්වන ස්වාමිපුරුෂයෙක් කියන්නෙර් හැමතිස්සෙම ඔයාව නිවැරදි කරන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි.ඔයා යන ගමනට ආශිර්වාදයක් වෙළා සහයෝගයක් දෙන කෙනෙක්.සරලවම කිව්වොත් සහයෝගය දෙන සැමියෙක්ට සාර්ථක බිරිඳකගේ ජීවිතයේ ශක්තිමත්ම අත්තිවාරම වෙන්න පුළුවන්.
මනෝවිද්යාත්මක සිද්ධාන්ත ඇසුරෙන් :
Attachment Theory(බෝල්බි සහ අයින්ස්වර්ත්) එකට අනුව, අනුකූලතාව සහ විශ්වසනීයත්වය ආරක්ෂිත බැඳීමක් ප්රවර්ධනය කරන අතර ආදර සබඳතාවල කාංසාව අඩු කරනවා.
APA – Adult Attachment
https://psycnet.apa.org/record/1992-98018-000
හොඳම උපාය මාර්ග:
ඔයා කරන පොඩි පොඩි දේවල් හොඳටම ප්රමාණවත් සාර්ථක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න.
ඔයාගේ පොරොන්දු ඉෂ්ට කරන්න – කුඩා දේවල් පවා (රෙදි සේදීම,කෑම හදලා දෙන එක,කඩේ යන එක ඇතුළුව).
ඇය ගැන හොඳ විධියට පුරෝකථනය කරන්න පුරුදු වෙන්න. ඇය විඩාබර ඉන්න කොට ඇයට විවේක ගන්න දීලා ඔයා වැඩ කරන්න.
Pro Tip : චිත්තවේගීය විශ්වසනීයත්වය සරාගී දෙයක්. ඇයට අවශ්යය ඇය වෙනුවෙන් ඒ වේලාවට පෙනී ඉන්න.
3.Emotional Self-Regulation – Calm Is the New Cool
“ඔයාට ඔයාගෙ චිත්තවේග කළමණාකරණය කරගන්න පුළුවන් නම් ඔයාගෙ විවාහය සාර්ථක කරගන්න ඔයාට පුළුවන්.ඒ කියන්නේ EQ එක වැදගත් වෙනවා සාර්ථක විවාහයකට. ඔයාගේ EQ එක ගොඩනඟා ගන්න අවධානය හැකිතාක් යොමු කරන්න පුළුවන් නම් ගැටුම් අවම කරගෙන සාමකාමී විවාහයක් ගොඩනඟා ගන්න ඔයාට හැකියාව තියෙනවා.
මනෝවිද්යාත්මක සිද්ධාන්ත ඇසුරෙන් :
ස්වයං-නියාමනය සංජානන චර්යා චිකිත්සාව (CBT) සඳහා කේන්ද්රීය වන අතර ඉහළ විවාහ තෘප්තියක් පුරෝකථනය කරනවා. අනෙක් අතට, චිත්තවේගීය අක්රමිකතාව ඉහළ දික්කසාද අනුපාත සමඟ සම්බන්ධ වෙනවා.
NIH – Self-Regulation & Relationships
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC6040070/
හොඳම උපාය මාර්ග:
ප්රතිචාර දැක්වීමට පෙර විරාමයක් ගන්න. ගැඹුරු හුස්ම තුනක් ගන්න. (කේන්ති ගිහින් ක්ෂණික ප්රතිචාර දක්වන්න කලින් එහෙම කරන්න.)
දොස් පැවරීම වෙනුවට “I statements” ප්රකාශ භාවිතා කරළා කෝපය ප්රකාශ කරන්න.
ඔයා චිත්තවේගීයව විඩාබර වෙළා නම් විවේකයක් ගන්න.ඊටපස්සේ ආයෙත් ආදරෙන් කතා කරන්න. (ඒක පරිණතභාවය මිසක් බියගුලුකම නෙවෙයි.)
Pro Tip : සතිමත්භාවය පුහුණු කරන්න පුළුවන් නම් ඔයාට වගේම ඇයටත් ඒක බෙහෙවින් උපකාරී වෙනවා.
4. Support Her Growth – Be the Wind, Not the Weight
“ඇයටත් වඩා ඇයගේ සිහින වලට ඔයා ආදරය කරන්න.ඇයගේ සිහින වෙනුවෙන් මඟ පෙන්වන්න. ඒ වගේම ඒ වෙනුවෙන් ඇයව දිරිමත් කරන්න.”
මනෝවිද්යාත්මක සිද්ධාන්ත ඇසුරෙන් :
Self-Expansion Theory (Aron & Aron) අනුව, ඔබේ සහකාරියගේ වර්ධනයට සහාය වෙන එක සබඳතාවල සමීපභාවය සහ දිගුකාලීන සතුට වැඩි කරනවා.
Self-Expansion Theory
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC3660477/
හොඳම උපාය මාර්ග:
ඇයගේ අභිලාෂයන් ඔයාගේ සුවපහසු කලාපයෙන් පිටත වුණත් හැමවෙලාවෙම ඇයව දිරිමත් කරන්න.
ඇයගේ ඉලක්ක ගැන අහන්න, ඊටපස්සේ ඔයාට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා අහන්න.
ඇයගේ ආශාවන් කිසි විටෙකත් පහත් කරළා සලකන්න එපා. (එයට ඇයගේ Vision Board එක පවා අයත් වෙනවා)
Pro Tip : සතුටින්ම සිටින ස්වාමිපුරුෂයන් කියන්නේ ලෝකෙටම පේන්න දඟලන Cheerleaders ලා නෙවෙයි. ඒ අය බිරිඳ වෙනුවෙන් සටන් වදින නිහඬ රණශූරයන්.
ඔයාත් එහෙම බිරිඳ වෙනුවෙන් සටන් වදින නිහඬ රණශූරයෙක්ද?
5.Communicate With Purpose – Less Grunts, More Meaning
“කතා කරන්න ඕන වුණ පලියට ඔහේ වචන පාවිච්චි කරන්න එපා.අරමුණක් ඇතුව ඇය එක්ක කතා කරන්න.ඔයාට යහපත් සන්නිවේදන කුසලතාවයන් තියෙනවා නම් ඔයාගෙ විවාහ ජීවිතය සාර්ථක කරගන්න එක අමාරු දෙයක් නෙවෙයි.බොහො බිරින්ඳෑවරු ආතතියට පත් වෙන්නේ ස්වාමිපුරුෂයාගේ සන්නිවේදන කුසලතාවයන්වල දුර්වලතා නිසා නමුත් ඔයාට සාර්ථක විවාහ ජීවිතයක් අවශ්යය නම් ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්න.
මනෝවිද්යාත්මක සිද්ධාන්ත ඇසුරෙන් :
ඩෙන්වර් විශ්ව විද්යාලයේ PREP වැඩසටහනේ පර්යේෂණවලින් පෙනී යන්නේ උසස් තත්ත්වයේ සන්නිවේදනය – විශේෂයෙන් ගැටුම් අතරතුර – දිගුකාලීන සබඳතා සාර්ථකත්වය පුරෝකථනය කරන බවය.
University of Denver – PREP Communication Research
https://liberalarts.du.edu/psychology
හොඳම උපාය මාර්ග:
ඔයා කලබල වෙච්ච වෙලාවක පවා සන්සුන්, පැහැදිලි භාෂාවක් භාවිතා කරන්න.
කවුද හරි කවුද වැරදි කියලා ඔප්පු කරන්න වාද කරන්නේ නැතුව, ගැටලුව විසඳන එකට අවධානය යොමු කරන්න.
“මම ඔයාට උදව් කරන්නේ කොහොමද?” කියලා අහනවා වෙනුවට “ඔයා වෙනුවෙන්ම මම හැම කැපකිරීමක්ම කරළා ආදරය කරන්නේ ඇයි කියලා දන්නවාද ?” කියලා අහන්න.
Pro Tip : ඔයාට ඔයාගෙ යාළුවොන්ට message දාන්න වෙලාව තියෙනවා නම්, ඔයාට ඇයගෙන් දිනපතා “ඔයාට අද දවස කොහොමද?” කියලා කෙටි පණිවිඩයක් යවන්න එහෙම නැත්නම් Call එකක් දෙන්න.එහෙම නැත්නම් රෑට නිඳාගන්න කලින් හරි අහන්න.
සහයෝගය දක්වන ස්වාමිපුරුෂයෙක් වෙන එක ගැන සාර්ථක බිරින්ඳෑවරු මෙහෙම කියනවා.
1. බැරැක් ඔබාමා ගැන මිෂෙල් ඔබාමා
“He respects me, he listens to me, and he allows me to be fully me. That’s why I could rise.”
“ඔහු මට ගරු කරනවා, ඔහු මට සවන් දෙනවා, ඔහු මට සම්පූර්ණයෙන්ම මා වීමට ඉඩ දෙනවා. ඒ නිසා මට නැගී සිටින්න පුළුවන්.”
2. හැරී කුමරු ගැන මේගන් මාකල්
“He’s the safest place I’ve ever known. With him, I feel protected and free.”
“ඔහු මා දන්නා ආරක්ෂිතම ස්ථානයයි. ඔහු සමඟ, මට ආරක්ෂිත සහ නිදහස් බවක් දැනෙනවා.”
3. ජෝන් ලෙජන්ඩ් ගැන ක්රිසි ටීජන්
“He never tries to dim my light. He celebrates my weirdness, my loudness, my boldness.”
“ඔහු කවදාවත් මගේ ආලෝකය අඳුරු කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඔහු මගේ අමුතුකම, මගේ ඝෝෂාව, මගේ නිර්භීතකම සමරනවා.”
සහයෝගය දක්වන සැමියෙක් වෙනවා කියන්නේ තෑගි අරන් දෙන එක නෙවෙයි.ඊටවඩා ඇයට ඔයාව චිත්තවේගීයව අවශ්යය වෙනවා.එය චිත්තවේගීය පැවැත්ම, අභ්යන්තර ස්ථාවරත්වය සහ ඇයට දැනෙන්න ඕන “මට ඔයා ඉන්න එක ලොකු හයියක්” කියලා . ඔයාට එහෙම නිහඬව ශක්තියක් වෙන්න පුළුවන් නම් ඔයාට සහයෝගය දක්වන සැමියෙක් වෙන්න පුළුවන්.
ඔයා 100% ක් පරිපූර්ණ වෙන්න අවශ්යය නෑ. ඇයට හදවතින්ම ඔයා ආදරය කරනවා නම් ඒ ආදරය වෙනුවෙන් නොකර ඉන්න මේ ලෝකයේ කිසිම දෙයක් නෑ.
වඩාත් ආදරණීය විවාහයක් ගොඩනඟා ගන්න අවශ්යද? ඔයාටත් එහෙම අවශ්යය නම් 076 627 55 50 ට අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරළා උපදේශන සැසියක් වෙන් කරවාගැනීමට හැකියාව තියෙනවා.
මේ ලිපිය කියවන්න අවශ්යයි කියලා හිතෙන ඔයාගෙ යාළුවෙක් ඉන්නවා නම් tag කරන්න.
මම විශ්වාස කරනවා Supportive Husband කෙනෙක්ට බිරිඳගේ ජීවිතය සුරලොවක් කරන්න හැකියාව තියෙනවා කියලා.
උපුටා ගැනීම
ඔෂාන් බමුණු ආරච්චි
Certified Mindfulness Coach
facebook සටහන් මගිනි
At Thanamalwila Weda Gedara, we don’t just offer remedies — we offer a legacy. Rooted in centuries-old Sri Lankan healing traditions, our treatments are crafted with 100% natural ingredients and guided by certified Ayurvedic expertise.