රජවරු කාලා බිසෝවරු අඬවපු දූරියන්

රජවරු කාලා බිසෝවරු අඬවපු දූරියන්

Share:

රජවරු දූරියන් කෑවම බිසෝවරු ඇඩුවලු… ඒ කියන්නේ පිරිමි සෙක්ස් සම්බන්ධව හරි අතිශෝක්තියෙන් දේවල් වෙන්නත් පුළුවන්… රජවරු දූරියන් කලා බිසෝවරුන්ට ලෙල්ලෙන් ගැහුවාද දන්නෙත් නෑ…

ඒ වගේම “දූරියන් බිම වැටෙන කාලයට සරම් උඩට එසැවේ” කියලා ඉන්දුනීසියාවේ දූරියන් සම්බන්ධ ප්‍රකට කියමනක් තියෙනවා

අතීතයේ ඉඳන් මිනිස්සු, විශේෂයෙන්ම පිරිමි හිතනවා සමහර කෑම බීම වලින් සෙක්ස් වලට උත්තේජන ලැබෙනවා….ඒවා කෑවම බිව්වම ගෑනුන්ට ඇවිද ගන්න බැරි තරමට අමාරු වෙන්න තමන්ට සෙක්ස් කරන්න පුළුවන් කියලා…..ඕකේ ටිකක් ඇත්තක් තියෙනවා.  සමහර කෑම බීම වල සෙක්ස් වලට උත්තේජන තියෙනවා ……ඒත් සෙක්ස් කියන්නෙ තනිකරම තමන්ගේ මනස එක්ක සම්බන්ධ දෙයක්.

ගැහැනියෙක්ට සූරතාන්තය ලබා දුන්න පිරිමි ඉන්නව නං මේ සමාජයේ ඒ හරි අතලොස්සක් විතරයි. අපි කෙරුවොත් එතනින් එහා ඒ ගෑනි කා එක්ක නිදි වැදුනත් තමන්ගෙන් ලැබුන තරං නැහැ වගේ කතා කියන පිරිමින්ගේ ගෑනු තමන්ගේ ලිංගික හැඟීම් හංගන් දරාගෙන ඉන්න අය. හැබැයි පිරිමි කැමති නැහැ තව කෙනෙක් දැන ගන්නවට සෙක්ස් අතින් තමන් ෆේල් ටිකක් හරි කියලා. පිරිමි කවදත් සෙක්ස් සම්බන්ධව කතා කරද්දි තමන් මහ කෙරුමෙක් කියන එක පෙන්වන්න තමා කැමති.

පිරිමින්ට හැරෙන්නවත් බැහැ ගෑනියෙක් එක්ක හරි හරියට සෙක්ස් එක්ක. ගැහැනු සෙක්ස් සම්බන්ධව හරි කුලෑටි ගතියකින් තමා බලන්නේ. උන් ආසයි බයයි වගේ එකක් තියෙන්නේ.  තමන්ගේ ගෑනුකම ගැන අනවශ්‍ය ප්‍රශ්න කිරීම් එයි කියන අකමැත්ත ප්‍රධානයි. මේ ලංකාවේ නං ගෑනු පුළුවන් උනත් බැහැ වගේ ඉන්න තමා බලන්නෙ.  නැත්තං මිනිහා උනත් ඔලුව කනව නේ ඔයා කොහොමද ඕවා දන්නේ වගේ ගොන් ප්‍රශ්න අහ අහා සෙක්ස් සම්බන්ධව සුන්දර දේ දැනගත්තත් මුකුත් නොදන්න තොත්ත බබාලා වගේ ගොඩක් ගෑනු හැසිරෙනවා. මොකද මේ සමාජයේ එහෙම ගෑනු තමා කුලවන්තියෝ කියලා හඳුන්වන්නේ. පත්තිනි පන්තියේ ගැහැනු කියලා හිතන්නේ…

ගෑනු කියන්නේ සෙක්ස් අතින් මාර සක්‍රීය අය. ලතාවකට කලාවකට ගැහැනු සරීරයක් සුසර කරලා බලපු පිරිමි දන්නවා.  ගෑනුන්ගේ ඇතුලේ ඉන්න ඌර්විසිලාගේ ලස්සන.  සමහර ගෑනු දන්නෙත් නැහැ තමන් ඒ තරං ලස්සන කුලකයක කියලා. මොකද දුවෙක් වෙලා උපන්නම මේ සමාජයේ හැදෙන විදිහක් තියෙනවා.  දෙන උපදෙස් ටිකක් තියෙනවා. ඒවා වලින් ගොඩක් ගැහැනු ආත්ම ඇල්මැරුනු සුප් එකක් වගේ වෙනවා.  

කතාව වෙන පැත්තකට ගියානේ…

පලතුරු ලොවේ අගරජු දූරියන් ගැන කිව්වොත්

ගොඩක් අය කන්න අකමැතියි. මාත් එහෙමයි 
නමුත් දූරියන් වලින් ලැබෙන ඔසු ගුණය සුවිශාල යි

දුරියන් ගුණ
  •  කුඩා ළමුන්ගේ බර වැඩි කරවයි
  •  විටමින් C බහුලයි.
  • ප්‍රෝටීන් බහුලය
  • ප්‍රතිශක්තිය වර්ධනය කරයි
  • මෙහි ඇති ෆොලික් ඇසිඩ්, කොපර් සහ යකඩ රතු රුධිර සෛල ඉහළ දමයි.
  •  හදවතේ නීරෝගි බව රැක දෙයි
  • කොලෙස්ටරෝල් අඩංගු නැත
  • අස්ථි වර්ධනය කර ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගාබාධ වළකයි.
  • ආහාර ජීරණය පහසු කරවයි.
  • මළ බද්ධයෙන් පෙලෙන අයට සුවදායකය.
  • බඩවැල් පිළිකා වළකයි
  •  ශක්තිය වඩවයි
  • ලිංගික ශක්තිය වඩවයි

 

දූරියන් හැදෙන්නේ අවුරුද්දට එක පාරයි. ඒ නිසා දුරියන් හැදෙන කාලයට දූරියන් මිළ දී ගන්න අමතක කරන්න එපා..