සියලුම හදවත් රෝගවලට ගුණ දෙන හීන් නිදිකුම්බා කැඳ

Contact Us

 We are committed to providing you with top quality support and work hard to ensure you get the best. Our support team is available on email, phone and chat.

Categories
Recent Articles
Thanamalwila Logox (2)
Who We Are?

Rooted in the rich traditions of Sri Lanka, Thanamalwila Weda Gedara stands as a trusted name in authentic Ayurveda. With a legacy that spans generations, we specialize in natural Ayurvedic remedies, preserving ancient healing wisdom for modern wellness needs.

සියලුම හදවත් රෝගවලට ගුණ දෙන හීන් නිදිකුම්බා කැඳ
අදින් පස්සේ හීන් නිදිකුම්බා පැලයක් දැක්කොත් ගෙදර පෝච්චියක හරි වවාගන්න…
 
ගුණ ලැබෙන රෝග
 
🔸සියළුම හෘද රෝග
🔸මේදය වැඩිකම
🔸රක්ත දෝෂ
🔸කල්පනා ශක්තිය අඩුකම
🔸සියලුම සමේ රෝග
🔸ප්ලීහාවේ ඉදිමුම
🔸අක්මාවේ, අග්න්යාශයේ සහ පිත්තාශයේ රෝග
🔸පුරස්ථි ග්රන්ථි ශෝතයන්ට (ඉදිමුමට)
 
සාදාගන්නා ක්රමය
——————————–
හොඳින් සෝදා ගල් වැලි ඉවත් කළ නිවුඩු කැකුළු හාල් දෙමිටක් වතුර අඩු කෝප්ප 2ක් දමා හොඳට බෙරිවෙන්න තම්බා පොඩි කරගන්න.
එයට,
• හීන් නිදිකුම්බා සහමුලින් (සම්පුර්ණ ශාකයම) දෙමිටක්
• කරපිංචා කිණිති 4ක්
• රම්පේ කෑල්ලක්
• පොල් දෙමිටක්
 
මේ සියල්ල කොටා මිරිකාගත් ඉස්ම බෝතල් 1/2 ඉහත කැඳ බතට දමන්න. එයට අමු ඉඟුරු ස්වල්පයක්, මුරුංගා පොතු ස්වල්පයක්, කරදමුංගු කරල් 01ක්, අබ, සූදුරු, උළුහාල්, මාදුරු, ගම්මිරිස්, කුරුඳු කුඩු ඇඟිලි දෙකට අසුවන ප්රමාණ 03 බැගින් ගෙන අඹරා වතුර ටික ටික දියකර දමා කැඳ හොඳට බුබුළු දමා පැසෙන තෙක් උයා ලිපෙන් බා නිවුණාට පසු ලුණු ඉතාම ස්වල්පයක් දමා බීමට ගන්න.
 
📗 මූලාශ්රය :- බල වඩන හෙළ යවාගු
✍️ කතෘ :- ආයුර්වේද වෛද්ය ශිරෝමනී පණ්ඩිත කවිරාජ් කේ. කාරියවසම් පියදාස මහතා