තමන්ගේ partner ත් එක්ක සතුටින් වයසට යන්න පුළුවන්ද?

Contact Us

 We are committed to providing you with top quality support and work hard to ensure you get the best. Our support team is available on email, phone and chat.

Categories
Recent Articles
Thanamalwila Logox (2)
Who We Are?

Rooted in the rich traditions of Sri Lanka, Thanamalwila Weda Gedara stands as a trusted name in authentic Ayurveda. With a legacy that spans generations, we specialize in natural Ayurvedic remedies, preserving ancient healing wisdom for modern wellness needs.

තමන්ගේ partner ත් එක්ක සතුටින් වයසට යන්න පුළුවන්ද?

Post Tags:

Share:

බැඳලා අවුරුදු 4/ 5 වෙනකොටම මරාගද්දි…ඇත්තටම කොහොමද සතුටින් වයසට යන්නේ…🥴

ඇත්තටම සිත් රිදවීම්, එකිනෙකා එපාවීම් මැද්දේ විවාහ ජීවිතය ගලාගෙන යන්නේ , මිනිසුන් ආත්මාර්ථකාමීකම බැඳීම් තුළ නඩත්තු කරාමයි. 🫤

එකිනෙකාව තම තමන්ට පීඩාවක් නොවන්න….

🌹 හොඳ සංන්නිවේදනයක් අනිවාර්යයෙන්ම පවත්වාගත යුතුයි.

හොඳ සංන්නිවේදනයක් පවත්වාගෙන යනවා කියන්නේ…යක්කු, මළ පෙරේතයෝ වගේ රණ්ඩු කරගෙන…අරක, මේක වෙන්න ඕනේ කියන එක නෙමේ…🥴
( බහුතරයක් ඕක තමයි කරන්න…😂)

එකිනෙකා ගේ අඩුපාඩු ,විය යුතු දේවල්, අවශයතා, තම තමන්ගේ හීන බලාපොරොත්තු, හිත් වේදනා, ප්‍රශ්න ගැටළු….විවෘත භාවයෙන් යුතුව කියන්නත්….ඇහුම්කන් දෙන්නත් පුරුදු වෙන්න අවශ්‍යයයි.

🌹 Sexual life එක තුළ…තම තමන්ගේ කැමැත්ත , ආශාවන් විවෘතව කතා කරන්න.

බහුතරයක් විවාහ ජීවිත බිඳ වැටෙන්න ආරම්භ වෙන්නේ මෙතනින්.

හැම family counseling session එකකදිම මේ ගැන මම අනිවාර්යයෙන්ම අහනවා .

” නැහැ…ඒක අපේ හොඳට තියෙනවා…”

” ආ….හොඳට තියෙනවද….”

” නැහැ…ඉතිං …හොඳට තියෙනවා කියන්නේ….

ඊට පස්සේ ප්‍රශ්න කෝටියයි.

හොඳට මතක තියාගන්න..

අර විදිහට ඉමු , මේ විදිහට ඉමු කියලා කිව්වා කියන්නේ…තමන්ගේ partner හරිම ජරා පුද්ගලයෙක් කියලා නෙමේ, ඒ විදිහට දකින්නත් එපා.

යම් පුද්ගලයෙක්ට, sexual fantasy එකක් ආවම , ඒක තමන්ගෙ partner ට කියන්නේ නැතුව කාට කියන්නද…🙄

( විකෘති ලිංගික ආශාවන් නෙමේ මේ කියන්නේ )

Sexual Relationship එක dissatisfaction එකක් වුණොත්, සමහර විට ඒ පුද්ගලයා වෙනත් relationship එකක් වුණත් ඇති කරගන්න පුළුවන්.

🌹 එකිනෙකාගේ හීන , බලාපොරොත්තු, ඉලක්ක මරාදාන Partner කෙනෙක් වෙන්න එපා.

ජීවිතයේ මුල්කාලේ ආදරය නිසා, තමන්ගේ ආසාවන් යටපත් කරගන්න මිනිස්සු. අවුරුදු 40 පහු වුණාම, පුදුමාකාර විදිහට පසු තැවෙනවා .

බොහෝ අවස්ථා වළ partner විසින් හරිම කැත විදිහට තමන් ආදරය කරන පුද්ගලයාගේ හීන මරා දාන්නේ…හරිම ආත්මාර්ථකාමී විදිහට.

ඔහොම කරන මිනිස්සු ගැන….ඇත්තටම ආදරය හිතෙනවද…..🙄

හොඳට හිතන්න….

සමහර විට ,පවුල වෙනුවෙන් තමන්ගේ හීන , ඔයාගේ partner කැප කරනවා නම්….ජීවිතයේ පසු කාලීනව හෝ එයාට ඒ දේවල් කරගන්න උදව් කරන්න.

🌹 තමන් අතින් හිත් රිදෙන දෙයක් ඔයාගේ partner ට වුණොත් , පසුව එයට අවංකව සමාව ගන්න.

කරන්නේම නැත්තේ ඕක තමයි.

සමහර මිනිස්සු හිතන් ඉන්නේ…තමන්ගේ partner ට , තමන්ට හිතෙන හිතෙන විදිහට ගහන්න ,බනින්න පුළුවන් කියලා.🥴

පිට රටක ඕවා වෙනවා නම්….මානසික වියාකූලතාවයක් කියලා…ප්‍රතිකාර මධ්‍යාස්ථාන වලට දානවා 😂

🌹 එකිනෙකාව අවංකව අගය කරන්න.

තරුණ කාලේ …කාට හෝ ආදරය කරලා විවාහ වුණාට, ඊටපස්සේ තනිකරම ජීවන අරගලයක්.
ලේසි නැහැ මේවාට මුහුණ දෙන්න.

තමන්ගේ කාලය , ආශාව, කැප කරලා…මානසික පීඩනයෙන් යන මේ ගමනට තියෙන එකම සහනය අගය කිරීම විතරයි.

ඉතිං ඕක කරන්න ..😊

බහුතරයක් මිනිස්සු පුදුමාකාර විදිහට මානසිකව විඳවනවා…

” මම මොනවා කරත් එයාට කිසිම අගයක් නැහැ නේ 😞

🌹 තමන්ගේ හිතේ partner ට තියෙන ආදරය , පුළුවන් හැම වේලාවකම ,ඔයාගේ වචනයෙන් , හැසිරීමෙන් පෙන්වන්න.

” මම නම්, දන්නේ නැහැ මිස්…මෙයා මට ඇත්තටම ආදරෙයිද කියලා…”

Counseling වලදි ..clients ලා කියනවා.

ඉතින් ….ආදරය පෙන්වන්න.

ඔයාගේ මුළු විවාහ ජීවිතයම ඕක වටේ තමයි කැරකෙන්නේ.

🌹 පවුලක් විදිහට බලාපොරොත්තු , ඉලක්ක හදාගෙන…..ඒ වෙනුවෙන් මහන්සි වෙන්න.

සරණාගතයෝ වගේ ඔහේ කාලා, බීලා ජීවත් වෙන්නේ නැතුව….වඩා යහපත් අනාගතයක් වෙනුවෙන්…කැප වෙන්න…මහන්සි වෙන්න.

මේ විදිහට මේ කියු දේවල්….ඔයාලා අතර වඩාත් හොඳින් සිද්ධ වෙනවා නම්…ඔයාලට වයසට යනකම්ම හොඳින් ජීවත් වෙන්න පුළුවන්.😊


උපුටා ගැනීම

Lakshi Soyza
මනෝඋපදේශිකා
Himan hospital -Ragama

facebook සටහන් මගිනි